Sunday, March 11, 2012

ඕ මයි නම්බර්....!!


අපේ කස්ටිය එඩෙක්ස් බලන්නත් ගියාලු ඕං..... ආරංචිය දුන්නෙ සක්‍රයා......
ඌ අහනව....
“ඈ බං ඇටයො උඹ ගියේ නැද්ද ජරමර සැට් එකත් එක්ක...?“  “අන්න අරුන් උඹටත් හොරෙං ගිහිං...!! “

කෝම කෝම හරි ඇටයට යන්ඩ බැරි උණා ලු....
ජරමර කියවන අපේ බම්බි නෝනත් මොනාද කෑවලු එඩෙක්ස් ගොහිං...!!

එව්වයිං මෙව්වයි වැඩක් නෑ..... ගිය පාර ඇඩෙක්ස් ගිය පාර අපේ මස්සිනාට වෙච්චි සිද්දියක් තමයි මේක...

මස්සිනාල කිව්වාම ඇම්පහ සැට් එක ෆුල් හොල්මං....ඇම්පහට එකෙක් කියල යැ.... 3-4ක් ම හිටියනෙ....

විදුර මස්සිනා, නිම්මිත මස්සිනා, විශ්ව මස්සිනා.............. තව ගොඩයි.......

නගාල හිටියාම ඹහොම තමා.....

මස්සිනා මස්සිනා..... අපේ විදුර කොලුවට අන්තිමේ කතාකොළේ නංගි කියලම ලු.... හිහ් හිහ්.... ඒකත් රස කතාවක් ඕන්....

සීන් එක කොටින් ම මෙහෙමයි...

ගයාසිරි මලයයි ඇටයයි මහ ගේට්ටුවට යන ගමං.... ගයාසිරි කොලුවත් එසේ මෙසේ බුවෙක් නෙවෙයි ඕං..... “ගයාසිරි සහ සහෝදරයෝ“ පසුවට....

කලබොලේට හැමදාම ඇම්පහට එන ගයාසිරිය මාමගෙ මල්ල ගෙනත්... ඇරල බැලින්නං ජරමර බුල්ටෝ ගොඩයි... එව්ව අස්සෙ !@#$% ත් තිබ්බ..... කෝම හරි මල්ල මාරු කොරා කියමුකො.... විදුර මස්සිනා මහ ගේට්ටුව ළඟ.... බැලින්නං මූගෙ කිසි අඩුපාඩුවක් නෑ.... ආයෙත් බැලුව.... හප්පටසිරි කොන්ඩෙත් පීරල..... ම්හ්..... කට... මැද්දට එලෝලු දාපු ඉතාලි රොටියක් වගේ.......

Tuesday, December 6, 2011

පනිට්ටු සහ බාල්දි......



“ළම්ආ..........යි...... ආයුබෝවං...................“. ඇටයත් ගෙදරවැඩ කොපි කොරගත්ත පොත තිවංකට දෙන අතරෙ ආයුබෝං කිව්ව..............

“ළම්ආයි....... කෝ අර ඇංජිමා....?“  මං සෑරුත් සුපුරුදු තැටියම දල වැඩ පටං ගත්ත................

“ආ....... මෙහෙ එනව ඕයි.........“.
“තමුසෙ අදත් කොන්ඩෙ කපල නෑනෙ ඕයි......... ගන්නව අයිසෙ කතුරක්.........“

“බලන්ඩ සර් මේ කපල තියෙන්නෙ........ කපල නෑවෙත් නෑ.... මේ කොන්ඩ කෑලි..........“

“ම්හ්...... අයිසෙ තමුසෙගෙ කලිසමත් බුරුල්නෙ ඕයි........“
“ඔව් සර් අපෙ අම්මත් කිව්ව මං කෙට්ටුවෙලා කියල......... ඇපෙටනුත් බොනව...“

“.........හරි අයිසෙ තමුසෙ ගෙදර වැඩ කළාද? ගන්නව බලන්ඩ පොත.......“

“.......කළා සර් කළා....... සර් අපෙ ආච්චි මැරුණ......... මම අද ගෙදර ඉඳං නෙවේ ආවෙ.... ආච්චිලා දිහා ඉඳං.... මේ බලන්ඩ සර් ඇස්දෙක...... රතු...... පොත ගේන්ඩ බැරි උණා සර්......“

“....... ස‘රුත් තමුසෙලත් එක්ක දැන් අවුරුද්දක් විතර හිටියනෙ..... තමුසෙට ආච්චිල කීයක් ඉන්නවද?... ම්..ළමා.....යි අපි අහමු බලන්ඩ........... මෙන්න ගන්නව කෝල් එකක්..... අම්මට.......“

“...................... ගෙදර නම්බරේ මතක නෑනෙ සර්......“

“අයිසෙ මේක මාර කෙළියක් නෙ.....“ ඇම්පහ සිසාරා අලි බැල්මක්......

තමුසෙ එනව...... හත්මවලාමයි......“ තමුසෙ තමයි ඇටකිච්ච....... මෙහෙ එනව..... ඔව් ඕයි තමුසෙ උස එකා......“

“ගන්නව මේ බෑග් එකේ පටිය........“

“ඒයි ඇන්ජිමා........... උස්සගන්නව කලිසම....... දැං ගැටගහනව........ හිටගන්නව ඉස්සරහිං“

ඇට ගැට තමයි ඉතිං

                                ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

“කෝ ළමයි අද අර අප්සට් පොර නැද්ද?“ අපෙ කැලින්ද මලයවත් සෑර් මතක් කොළා..........