“ළම්ආ..........යි...... ආයුබෝවං...................“. ඇටයත් ගෙදරවැඩ කොපි කොරගත්ත පොත තිවංකට දෙන අතරෙ ආයුබෝං කිව්ව..............
“ළම්ආයි....... කෝ අර ඇංජිමා....?“ මං සෑරුත් සුපුරුදු තැටියම දල වැඩ පටං ගත්ත................
“ආ....... මෙහෙ එනව ඕයි.........“.
“තමුසෙ අදත් කොන්ඩෙ කපල නෑනෙ ඕයි......... ගන්නව අයිසෙ කතුරක්.........“
“බලන්ඩ සර් මේ කපල තියෙන්නෙ........ කපල නෑවෙත් නෑ.... මේ කොන්ඩ කෑලි..........“
“ම්හ්...... අයිසෙ තමුසෙගෙ කලිසමත් බුරුල්නෙ ඕයි........“
“ඔව් සර් අපෙ අම්මත් කිව්ව මං කෙට්ටුවෙලා කියල......... ඇපෙටනුත් බොනව...“
“.........හරි අයිසෙ තමුසෙ ගෙදර වැඩ කළාද? ගන්නව බලන්ඩ පොත.......“
“.......කළා සර් කළා....... සර් අපෙ ආච්චි මැරුණ......... මම අද ගෙදර ඉඳං නෙවේ ආවෙ.... ආච්චිලා දිහා ඉඳං.... මේ බලන්ඩ සර් ඇස්දෙක...... රතු...... පොත ගේන්ඩ බැරි උණා සර්......“
“....... ස‘රුත් තමුසෙලත් එක්ක දැන් අවුරුද්දක් විතර හිටියනෙ..... තමුසෙට ආච්චිල කීයක් ඉන්නවද?... ම්..ළමා.....යි අපි අහමු බලන්ඩ........... මෙන්න ගන්නව කෝල් එකක්..... අම්මට.......“
“...................... ගෙදර නම්බරේ මතක නෑනෙ සර්......“
“අයිසෙ මේක මාර කෙළියක් නෙ.....“ ඇම්පහ සිසාරා අලි බැල්මක්......
තමුසෙ එනව...... හත්මවලාමයි......“ තමුසෙ තමයි ඇටකිච්ච....... මෙහෙ එනව..... ඔව් ඕයි තමුසෙ උස එකා......“
“ගන්නව මේ බෑග් එකේ පටිය........“
“ඒයි ඇන්ජිමා........... උස්සගන්නව කලිසම....... දැං ගැටගහනව........ හිටගන්නව ඉස්සරහිං“
![]() |
| ඇට ගැට තමයි ඉතිං |
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
“කෝ ළමයි අද අර අප්සට් පොර නැද්ද?“ අපෙ කැලින්ද මලයවත් සෑර් මතක් කොළා..........

