අපේ කස්ටිය එඩෙක්ස් බලන්නත් ගියාලු ඕං..... ආරංචිය දුන්නෙ සක්‍රයා......
ඌ අහනව....
“ඈ බං ඇටයො උඹ ගියේ නැද්ද ජරමර සැට් එකත් එක්ක...?“ “අන්න අරුන් උඹටත් හොරෙං ගිහිං...!! “
කෝම කෝම හරි ඇටයට යන්ඩ බැරි උණා ලු....
ජරමර කියවන අපේ බම්බි නෝනත් මොනාද කෑවලු එඩෙක්ස් ගොහිං...!!
එව්වයිං මෙව්වයි වැඩක් නෑ..... ගිය පාර ඇඩෙක්ස් ගිය පාර අපේ මස්සිනාට වෙච්චි සිද්දියක් තමයි මේක...
මස්සිනාල කිව්වාම ඇම්පහ සැට් එක ෆුල් හොල්මං....ඇම්පහට එකෙක් කියල යැ.... 3-4ක් ම හිටියනෙ....
විදුර මස්සිනා, නිම්මිත මස්සිනා, විශ්ව මස්සිනා.............. තව ගොඩයි.......
නගාල හිටියාම ඹහොම තමා.....
මස්සිනා මස්සිනා..... අපේ විදුර කොලුවට අන්තිමේ කතාකොළේ නංගි කියලම ලු.... හිහ් හිහ්.... ඒකත් රස කතාවක් ඕන්....
සීන් එක කොටින් ම මෙහෙමයි...
ගයාසිරි මලයයි ඇටයයි මහ ගේට්ටුවට යන ගමං.... ගයාසිරි කොලුවත් එසේ මෙසේ බුවෙක් නෙවෙයි ඕං..... “ගයාසිරි සහ සහෝදරයෝ“ පසුවට....
කලබොලේට හැමදාම ඇම්පහට එන ගයාසිරිය මාමගෙ මල්ල ගෙනත්... ඇරල බැලින්නං ජරමර බුල්ටෝ ගොඩයි... එව්ව අස්සෙ !@#$% ත් තිබ්බ..... කෝම හරි මල්ල මාරු කොරා කියමුකො.... විදුර මස්සිනා මහ ගේට්ටුව ළඟ.... බැලින්නං මූගෙ කිසි අඩුපාඩුවක් නෑ.... ආයෙත් බැලුව.... හප්පටසිරි කොන්ඩෙත් පීරල..... ම්හ්..... කට... මැද්දට එලෝලු දාපු ඉතාලි රොටියක් වගේ.......
ගයාසිරියත් මල්ල උස්සං... කොහෙද කහ කහ ඇටයත් එක්ක හෙමීට ළං කොළා..... සක්‍රයාට පිං සිද්ද වෙන්ඩ මෙන්න මූ අඬනව.......
“අනේ ඇට මස්සිනා.. “ මෙන්න මූ ඇටයට මස්සිනා කියපි.... මල් හතයි... ඒකත් ජයසිරි මංගලං....
“අනේ ඇටේ.... අපෙ නගාට කොලුවෙක් බැල්ම දානව බං.... ............. “ මූ තව මොනාද මුමුණනවා.... මට ඇහුනෙ ඔච්චරයි..... කෝමිං කෝම හරි ඇම්පහට ආව ඇටයා සහ බාන.....
සීන් එක පත්තරේ......
ඇම්පහ මස්සිනාලගෙ හදවත් ලෝදිය වගේ උණු උනා...... “එහෙම වෙන්ඩ පුලුවංද...... වරෙං යන්ඩ ඕකට ගහන්ඩ....“ රේඩියෝ මලයට නහුතෙටම තද වෙලා.... ඇයි බං මගුලත් තීන්දු වෙලානෙ තිබ්බෙ.......
කෝමිං කෝම හරි ඇම්පහ මස්සිනාලා රේඩියෝ මස්සිනා යටතේ සංදාන ගතවෙලා ඉංටැවොල් එකේ ඇටෑක් එකට ගියා...... කස්ටියට පුල් මොරැල් ද මොකක්ද එකක් රේඩියෝ මලය දුන්නා.....
“අන්න අරූ බං..... “ විදුර මස්සිනාත් හොටු කඳුලු පෙරාගෙන කිව්ව.... ඇටයත් හද පත්ලෙංම උපං කරුණාවෙං හොටු නැති පැත්ත පෙන්නල ඇට ලේංසුව දුන්න...
“කෝ බං...?“ මස්සිනාල සැට් එක සන්නද්ද උනා.....
“අර එන්නෙ බං....“ ඇහ් දොඩං ගෙඩි 2ක් විතර එකෙක් නෙ.....
ඇටයත් මස්සිනාගෙ කනට කරල... “මචං නංගි කීය වසරෙද?“ කියල ඇහුව...
“හය වසරෙ ඕයි...“
!@#$%^&* මොනා කොරන්ඩද මස්සිනාලත් විදුර කොලුවගෙ පවුලටම පීනසේ බෝ කොරල සංදානය විසිරෝල දැම්ම..............
මෙන්න මූ තමයි කාගෙත් නංගි...
| ඇටයයි විදුර මස්සිනයි ඇග්‍රිමන්ට් එකක් සයින් කරපු දවසක් ;) |
*********
ඇඩ් ඉවරයි... දැං කතාව...
ඇඩෙක්ස්..... හිහ් හිහ් බෙගාට හාමිනෙයි නෑනයි හම්බුනාලු නෙ..... ඇටයයි බෙගයි පස්සෙං ගියේ හති ඇර ඇර.... ඒ කතාව බෙගා පවුල් කන කාලෙක කියන්නං.....
කෝම හරි තව පොඩ්ඩෙං අස්පයෙකුගෙනුත් %කට ඇන ගන්නව.......
ඕං ඇටයයි බෙගයි පාඩයි... ඇක්සැල් වර්ල්ඩ් කූඩාරමෙත් ජිල්මාට් එකක් දාලා... පොප් කෝං කන්න කියල හිතාගෙන බණඩාරනායක උන්නැහැගෙ හාමිනෙගෙ හොල් එක පැත්තට ඇවිදං එනව..... පාඩත් “මට බඩගිනියි“ කියල පෙරේරා සහ පුතාලා එක පැත්තට ගියා.....
මෙන්න අපේ විස්ව මස්සිනා දත් සැට් එකත් එලියෙ දාං තනියෙං හිනාවෙවී මොනාද ලියනව.....
“078----------“ බැලින්නං නම්බර් එක.... “කාට දෙන්ඩද බං...?“ බෙගත් ඇහුව...
“අන්න අරකිට.... උඹල ටිකක් ඉඳපං... නම්බරේ දුන්න ආව....“
ඒක දැකපු ගමං බෙගයියට පොප් කෝං එකත් ඉස්මුරුත්තාවෙ ගියා.... ඇටයත් කංනාඩිත් ගලෝල බැලුව....
තව හිටියොත් පොප් කෝං එකෙං බාගයක් මූ කනව.... “මචං අපි විනාඩි පහෙං එනව...“ ඇටයයි බෙගයි මාරු.... “පව් බං... අපි කෝමහරි මස්සිනාට කන්නාඩි 2ක් අරං දෙමු....“ බෙගත් යන ගමං කනට කොරල කිව්ව....
කාල බීල ආපහු එද්දි ෆිල්ම් එක දුවනව.... විස්ව කොලුව රඟපානව... කොලුව අත් දෙකෙංම නම්බරේ දික්කරං...
“අනේ ගන්නකෝ......“ .. “අනේ ගන්නකෝ......“
හිහ් හිහ්...
විස්ස මස්සිනාවත් බලාගනිල්ලකො එහෙනං...
| ඹය ඉන්නෙ බැරි වැඩක් කොර කොර |
![]() |
| කැමරා........ ඇක්ෂන්....... |
