Saturday, November 12, 2011

කව්ද මේ ඇටයා ???

මං අද දවාලේ බයි  කකා ඉන්දැද්දි අපේ සාලේ දොර දෙපලු, ට්‍රිපලු කරගෙන සක්‍ර දේව රාජයා ගෙට එන්ටර් උනා... නිකන් නෙමේ, විලාප දිදී... හොටු,කඳුලු,සෙම පෙරාගෙන... මං කකා හිටිය හාල්මැස්සෙක් ඉස්මොල්ලෙත් ගියා...
හත්වලාමේ... සක්‍රයාට අසාධ්‍යයි... පස්ස පැත්ත BBQ වෙලා... මවිල් පිච්චෙන ගඳයි, දුමයි ඉවසන්න බෑ...

" ඇටේයීඊඊඊ...ඇටේඒඒඒ...ඇට්ඒඒඒයාආආ... " මූ විලාප තියනවා...

මං ටාර් ගාලා සක්‍රයාගේ සරම කඩලා බැලුවා... තුරුණුවන්ගේ පිහිටින් ඒ පැත්තට රස්නේ වැදිලා නැහැ... මවිලකටවත් හානියක් වෙලා නැහැ... මං ඌට සුභාරංචිය දුන්නා...

" මුකුත් වෙලා නෑ බං... "

" නෑහ්..නෑහ්..වෙලා බං...වෙලා... "

" මේන් බලහන්... " කියලා මං උගේ බෙල්ලෙන් අල්ලලා දෙකට නමලා ක්ලෝසප් එකක් දුන්නා...

" ඕක නෙමේ යකෝහ්...උඹලගේ ඇටයා... අර ගම්පහ හිවලා... "

අම්මට සිරි අපේ ඇටයාට මක් වෙලාද ??? මට හීන් දාඩිය දැම්මා...
මං ටක් ගාලා සක්‍රයාව වතුර බේසමක වාඩි කරලා හති බහින්න පවන් සලන්න ගත්තා...

" අපේ ඇටයාට මක් වෙලාද බං ??? " මගේ කට හඬත් වෙව්ලනවා...

" ඌට මොකුත් වෙලා නැහැ තලගොයෝ...
 ආන්න ඌ උඹලට මඩ ගහන්න බ්ලොග් එකක් ලියන්න පටන් අරන්...
 උඹට, ලැම්බට, හරියට, මගේ මස්සිනා විශ්වයට වදින්න යන මඩ තලි පෙනිලා මගේ පඬුපුල් ආසනේ රත් වෙච්ච රත් විල්ලට තමා මගේ පු%  BBQ උනේ...
දැන් ඉතින් හොඳ හිතින් ගාහන් මගේ %කේ කෝමාරිකා... "


ප.ලි.

        මං මුගේ  %කේ කෝමාරිකා ගාලා, අර ඉස්මොල්ලෙ ගිහින් මගේ පෙනහැල්ලේ පිස්සු කෙලින හාල්මැස්ස‍ට දෙකක් ඇනලා එළියට දාලා ඊලඟ පෝස්ට් එක දාන්නම්...


මේන් මූ තමා ඇටයා...


..ඇටයාගේ ආරම්භක සටහන




ඔන්න ඉතිං මම ඒ කියන්නෙ ඇටය ඊයෙ උදේ පාන්දර දහයට විතර නැගිටල දහ අතේ කල්පනා කොර කොර හිටිය වස කම්මැලි කමේ. එතකොටම වාගෙ අපේ ඇම් පහ ගැන්සිය මතක් උණා. අපේ ගුත්තිල සෑර් ගෙ පේපර් එකක් අතට ඇරගෙන කියව කියව ඉන්නකොට මේ ඔක්කොම බ්ලොග් එකක දැම්මනං අපේ සුන්දර කාලය සයිබර් අවකාශයේ හැමදාම තියේවි කියල හිතුණ. දෙදාස් එකොලහේ එකොලොස්වෙනි මාසෙ එකොලොස් වෙනිද එකොලහ ළං වෙලා මං කොම්පියුටරේ දැම්මෙ මේ ඔක්කොම ඔබනව කියල හිතාගෙන..... ඇස් ඇල් ටී එකේ නෝනල මහත්තුරු මට ඒකට ඉඩ දුන්නෙ නෑ... ඒ ඔක්කොටම හරියන්න අද ඉඳල කියවන්න ඕං මං ටැලි‍ ෙකාම් එකේ ඔක්කොටම පින් දිදී පටන් ගත්තු ඒ සුන්දර අතීත කතාව.......