Tuesday, December 6, 2011

පනිට්ටු සහ බාල්දි......



“ළම්ආ..........යි...... ආයුබෝවං...................“. ඇටයත් ගෙදරවැඩ කොපි කොරගත්ත පොත තිවංකට දෙන අතරෙ ආයුබෝං කිව්ව..............

“ළම්ආයි....... කෝ අර ඇංජිමා....?“  මං සෑරුත් සුපුරුදු තැටියම දල වැඩ පටං ගත්ත................

“ආ....... මෙහෙ එනව ඕයි.........“.
“තමුසෙ අදත් කොන්ඩෙ කපල නෑනෙ ඕයි......... ගන්නව අයිසෙ කතුරක්.........“

“බලන්ඩ සර් මේ කපල තියෙන්නෙ........ කපල නෑවෙත් නෑ.... මේ කොන්ඩ කෑලි..........“

“ම්හ්...... අයිසෙ තමුසෙගෙ කලිසමත් බුරුල්නෙ ඕයි........“
“ඔව් සර් අපෙ අම්මත් කිව්ව මං කෙට්ටුවෙලා කියල......... ඇපෙටනුත් බොනව...“

“.........හරි අයිසෙ තමුසෙ ගෙදර වැඩ කළාද? ගන්නව බලන්ඩ පොත.......“

“.......කළා සර් කළා....... සර් අපෙ ආච්චි මැරුණ......... මම අද ගෙදර ඉඳං නෙවේ ආවෙ.... ආච්චිලා දිහා ඉඳං.... මේ බලන්ඩ සර් ඇස්දෙක...... රතු...... පොත ගේන්ඩ බැරි උණා සර්......“

“....... ස‘රුත් තමුසෙලත් එක්ක දැන් අවුරුද්දක් විතර හිටියනෙ..... තමුසෙට ආච්චිල කීයක් ඉන්නවද?... ම්..ළමා.....යි අපි අහමු බලන්ඩ........... මෙන්න ගන්නව කෝල් එකක්..... අම්මට.......“

“...................... ගෙදර නම්බරේ මතක නෑනෙ සර්......“

“අයිසෙ මේක මාර කෙළියක් නෙ.....“ ඇම්පහ සිසාරා අලි බැල්මක්......

තමුසෙ එනව...... හත්මවලාමයි......“ තමුසෙ තමයි ඇටකිච්ච....... මෙහෙ එනව..... ඔව් ඕයි තමුසෙ උස එකා......“

“ගන්නව මේ බෑග් එකේ පටිය........“

“ඒයි ඇන්ජිමා........... උස්සගන්නව කලිසම....... දැං ගැටගහනව........ හිටගන්නව ඉස්සරහිං“

ඇට ගැට තමයි ඉතිං

                                ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

“කෝ ළමයි අද අර අප්සට් පොර නැද්ද?“ අපෙ කැලින්ද මලයවත් සෑර් මතක් කොළා..........



රූම බස බස ගාල මොනවද කුරුටු ගානව........... හප්පටසිරි සෑර්ට මාට්ටු............

“ඒයි තමුසෙ නැගිටිනව......“

“සර් එයාගෙ කලිසම පැලිල..........“ පිනට දහමට ලැදි ඇටයත් පටගාල වොලන්ටරි සර්විස් එකක් දුන්න.......

රූමගෙ මූන දිහා බලන්ඩ බෑ..... හප්පා දුකේ බෑ.......... ඇටයත් මහන්ඩ ඉගෙන ගත්තෙ රූම හන්ද...... රූමටත් ඉතිං අර මොකාගෙද ගාය නෙ..... කොහෙංහරි පනිංඩ ගොහිං හැමදාම පලාගන්නව..... ඇටයටයි ලැම්බටයි බෙගාටයි පාඩටයි වැඩ ගොඩයි...... ඒ අස්සෙ පුල් ආතල්...... ඩිරෙක්ට්ලි %කටම වතුර දාන්ඩ පුලුවංනෙ..... කොහෙද ඉතිං මූ වතුර පාවිච්චියක් නෑලු.... සුද්ද වගේලු....... ඇම්පහෙන් රූමට පුල් බොඩි සර්විස් නොමිලේම.......

පලාගත්ත දවසට ඉතිං ඇට ගැංසියත් ලැබ් පුරා දුවනව..... කටු හොයන්ඩ...... කෝම කෝමහරි කටු වලින් වැඩේ ෂේප් කොරල ගහනව ප්‍රැක්ටිකල් සීල් එකත් %කේ කෝමහරි........ හී හී..... රූමගෙ අම්මගෙං අහන්ඩ බොරුනං..... (රූමගෙ අම්ම තමයි දන්නෙ සීල් එක මකන්ඩ වෙන මාංසිය..... ඒ හන්දම පලාගන්ඩ එපා කියලමලු ගෙදරිං එවන්නෙ....)

මේ වැඩේ හරින්නෑ කියල රූමටත් තේරිලාද කොහෙද පැලිලි 2-3කට පස්සෙ රූම ගාව ඉඳිකට්ටයි නූලුයි වරදින්නෑ........ ඇටය තමයි ඉතිං මහන්නෙ....... මහන වෙලාවට ඇම්පහට පනේපන්........

“අව්“  “අව්“ “අව්“  ඒ අස්සෙ වෙන වෙන වචනත් “.........කොටු කොටු.....බ්ලොග් අදිපති දෙයියන් විසින් කපා හරින ලදී.......“

ඇයි ඉතිං ඇටයත් මහන්නෙ %කට ඇන ඇන නෙ......

ඒ අතුරු කතාවක්......

එදත් ඉතිං රූමගෙ ආදරණීය පැලිච්ච දවසක්........

“කමක් නෑ අයිසෙ...... නැගිටිනව..... තමුසෙ ගෙදර වැඩ කළාද?“

“න්න්......“ “පොත් ටිකත් අරං එළියට ගිහිං..... ජනේලෙං පංතිය ඇතුළ බලාගන්නව.......“
මල් හතයි.......... හත්තිලව්වටම ගැහුවෙ නැතෑ කලාබරෙත්.... ඇටයට පුල් පං...... මොනව කොරන්ඩද රූමට සෝක මූනක් පෙන්නුව....... එදා ඉඳං රූමගෙ පැලුං ඇම් හතම දන්නවලු.......

ඇටයව උස්සං ඉන්න එකා තමයි රූමා......


“තමුසෙ අද ප්‍රැක්ටිකල් වෙලාවෙ හිටියෙ නෑනේද?“ ඒ පාර ගුත්තිලයත් මාට්ටු......... ඇටයගෙ හිත ලෝදිය වගේ උණු උනා.......

එදා කොලේ සිලිංඩර පනිට්ටු පරීක්ෂනේ...... ඇටලන්තෙ දන්නැති උං අහගන්ඩ...... සිලිංඩර පනිට්ටු පරීක්ෂනේ කියන්නෙ ආකිමිඩිස් නියමෙ ඔප්පු කරන පරීක්ෂණයක්....... ඔන්න ඉතිං ඇටයගෙං අහන්ඩ එපා ආකිමිඩිස් නියමෙ මොකක්ද කියල....... ආකිමිඩිස් අර “යුරේකා... යුරේකා....“ කිය කියා බර්ත්ඩේ කිට් එකෙං දිව්වෙ ඒක හොයන්ඩ ගොහිං තමයි..... ඒ තරං අන්තරාදායකයි දැනගනිල්ල ඇට පැටවුනේ.......


ඇටයත් පිටිපස්සෙ ඉඳං කොඳුරනව...... “ ආකිමිඩිස් නියමෙ ඔප්පු කරන පරීක්ෂණයක් බං..... කියපං“

ගුත්තිලයත්........ “ ආකිමිඩිස් නියමෙ ඔප්පු කරන පරීක්ෂණයක් බං....“ මූත් බයවෙලා එකසිය ගානට........ වෙලාවට බං කෑල්ල ඇහුනෙ නෑ......


“මොකක්ද අයිසෙ පරීක්ෂනේ.....?

ඇටයත්.....“සිලිංඩර පනිට්ටු පරීක්ෂණේ බං සිලිංඩර පනිට්ටු පරීක්ෂණේ..... කියපං“

ගුත්තිලය කියපි......

 “ සිලිංඩර බාල්දි පරීක්ෂණේ සර්.....“


මේ ඉන්නෙ ඌ..... ගුත්තිලය.....