මැංගෝ තරහකාරයො.... එකෙක් නෙවෙයි දෙතුන්දෙනෙක්ම හිටිය අපේ ඇම්පහ ගැංසිය ඇතුළෙ.....
හිටියට කමක් තෑ කියමුකො..... එකෙක් ඉන්නව මූසලයෙක් වගේ ඇටකිච්චෙක් ඇට තරහ ඇටේටම අවුස්සන එකෙක්...... යැයි යකෝ ඇටය කියල අමුතු එකෙක් යැ.... මුටත් හැඟීම් දැනීම් තියෙනව...... ඉතින් මූත් ඉඳගෙන මගේ තරහ ඇවිස්සුවෙ නැතෑ.... ඇටයටත් ඉතිං හිටු කියල තරහ.... උට දුක ඉතිං තරහ යන එකට නෙවේ අර ඇටිකිච්චට පාට්ස් හොයන්න පන්චිකාවත්තෙ ගාටන්ට වෙන එකට.....
ඉතිං ඔය පංචිකාවත්තට සීසන් ටිකට් අරං ඉන්න එකා කොහෙද කහන හන්දද කොහෙද මගෙ මේ බ්ලොගටත් නිවනක් දෙන්නෙම නෑ..... මේ දවස්වල ඌටත් අර මගුල් පිස්සුව ගහලලු කියලත් ආරංචියි ඕන්......
කොටින්ම කිව්වොත් මේකාගෙ නම A.A. රැන්ඩෝ...... ඇටකිචි ආරච්චිලාගේ රැන්ඩෝ... එහෙමයි පොතේ තියෙන්නෙ.... අපේ ඇම්පහේ ලොකු ඉස්කෝලෙ මහත්තය උදේට රැජිස්ටරේ කියෙව්වෙත් එහෙමයි......
මෙන්න දවසක් අපේ ඇප්ලයිඩ් ඉස්කෝලෙ හාමිනේගෙ පීරියඩ් එකේ ඇටය උගේ ඇට ඩැස්එකට වෙලා සමාදානයේ සැතපිලා නිදිලෝකෙ ඇටිචිචියක් බලබලා හිටිය......
“......බල ඝුර්ණ...... සුදු ඇටිච්චියක්...... ආනත තලය දිගේ........ ඇවිදගෙන එනව........ ෂ්ෂ්ෂ්..... කවුද කතා කරන්නෙ...... “ ඇට සිහිනෙ ඉවරෙටම ඉවරයි.........
“සැනසෙමි සුව නිදි ලොවේ.................“ “...............!@#$%^&*...............“
“...... අඩෝ ඇටය............ නැගිටපං යකෝ..................“ මෙන්න රැන්ඩෝ ඇට ඩැස් එක උඩ......
ඇයි බං මේ ලෝකෙ සාධාරණ ඇටයෙකුට සාධාරණ විදියට නිදාගන්නවත් බැරිද?......... ඇටයත් සාදාරන විදියට අසූහාරදාහටම නැංග..............
“......ඇයි බං කරදර කොරන්නෙ..... නිදාගන්න දීපංකො...... ඊයෙ රෑ පුරාම සුදන්තට පින් දිදී ඇස් පී ඩී පාඩං කොළා.........“
ඇටය සාදාරන විදියට කරුණු පැහැදිළි කොළා........ ආපහු ඩැස් එකේ ඔලුව තියනකොටම.........
“........ ංආ..... ඇටය කියල ලොකු නෑ... නැගිටපං........ මට උඹෙ පුටුවට වතුර දාන්න ඕනෙ.....“ මෙන්න මූ ඇඟට පතට නොදැනී කියපි....... ංඈ...... මූ හිතං ඉන්නෙ මගෙ %ක ගිනිගන්නව කියලද පුටුවට වතුර දාන්න........
ඇටයත් හෙමීට ඇම්පහ ලෝකෙට ආවයි කියමුකො....... උගෙ වචන සැට් එක ඔලුවට එන්ටර් උනේ %ඩයක් යනවටත් වඩා වේගෙං....... මූගෙ පුටුවට කලිං දවසෙ වතුර දාලා මූ වෙටඩ් %කෙන් මූ හවස ක්ලාස් ගිහින් ලොකු සන්තෑසියක් වෙලා වගෙයි........ පස්සෙ වටිං ගොඩි විපරං කොරල බැලුවම රැන්ඩෝගෙ වෙන්ඩ හාමිනේ ජල්තරයක් දාලලු..... මූන වත් බලල නෑලු........ ඇලි මදිවට ඇටයො කියල හොඳට උගන්න උගන්න උන්න ඉස්කොලෙ මහත්තයත් මයික් එක ඔන් කොරගෙනම අහල “..... මොකෑ පුතේ පුටුවෙම ගියාද කියල...“ එතනිං එහාට සිද්දිය හිතාගන්නකො ඉතිං.....
ඇට මොලෙං කල්පනා කොරල බැලුවම සාදාරනයි තමයි..... ඒත් මේ ඇටයත් තිබුනලුතෙ ඒ කාලෙ ලැජ්ජාවක්..... (රට්ටු තමයි කියන්නෙ ඕං....)
අලි ජංජාලයයි.... මෙන්න මූ ඩැස් එක උඩ.... ඉස්කොලෙ හාමිනෙත් ගිහිං....... ඇටයටත් පහල උන්නැතෑ ගණදෙවි නුවණ..... (වැරදි වෙලාවක) මුලිංම කොලේ පන එපා කියල දුවපු එක...(ඇම් පහේ එකෙක් ගෙන් අහල බලන්න ඕං... දිව්වෙ බයකට නෙවේ.... වෝමප් කොරන්න.... එහෙමයි කිව්වෙ කට්ටියට) මෙන්න මේකෙත් ඉවරයක් නෑ..... ඇම් පහ මේලා ජස්ට් බිගන් වගේ රැන්ඩොයි ඇටයයි මැරිගෝ රවුන්ඩ්.........
ඔන්න ඔය වෙලාවෙ තමයි ඇටයගෙ පරන ෆ්‍රෙඞා සක්රය පිහිටට ආවෙ.........
ඇටයත් වෝමප් එක්සසයිස් නවත්තල රැන්ඩොව ඉස්සුව මෙන්න මෙහෙම
(ඡායාරූප අනුර්‍ග්‍රහය- ඇම්පහ පොටෝ මල්ලී..)
චිකන් වැඩ කෝටියයි....... සක්රයගෙ උදව්වෙන් කෝම කෝමහරි රැන්ඩුවව බිමට පත බෑව්වා....
වෙඩින් එක පොඩියට ගන්න හිටියට මොකද තත්වෙ බරපතලයි...... රැන්ඩෝගෙ ඔලුව දෙපලු...... ලේ ගංගාවයි..... ෂික් ලේ දන්දෙන කඳවුරක් වත් තිබ්බනං පයින්ට් 3 - 4ක් වත් අද්දන්න තිබ්බ........ කොහෙද ඉතිං සක්රය එච්චර දුරට කල්පනා කොරල තිබ්බෙ නෑ....... සක්රයටත අප්සට් සිද්දියට.... ඌත් හෙමීට ලොගවුට් වෙලා........
ඇම්පහේ උන් කියන්නෙ නිකං යැ.... ඇටයගෙත් හිත උනුවෙලා බස බස ගාල වැක්කෙරෙනව.... ඉස්මොල්ලෙත් ගියා.... අඩියට දෙකට රැන්ඩෝ ෆස්ට් ඒඩ් රූම්.... ඒ අතරෙ ඇම්පහේ ලොකු ඉස්කොලෙ මහත්තයට කියන්න කතාවකුත් හදල කස්ටිය කෙමිස්ට්‍රි අත ඇරල ඒක පාඩං කොරනව...(ඒ මහත්තයත් ඉතිං ඇම් පහේම හන්ද කතන්දරේ බාගයක් කියනකොට......“......හ්ම් ලස්සනයි..... ඇත්ත සිද්දිය කියමුකො බලන්න.....“ විනාසයි.... ඇම්පහ ෆුල් හොල්මං) සිද්දිය එතනිං ඉවරයි..... ඉවර උනාට මොකද රැන්ඩොත් එදා ඉධං ෆුල් සරෙන්ඩර්......
ඇටයටත් ෆුල් සැටිස්.......(ඡායාරූප අනුර්‍ග්‍රහය- ඇම්පහ පොටෝ මල්ලී..)
ඒ උනාට මොකද සීන් එක ඉවර උන ගමන් බෙගයිය අල්ලගත්තෙ නැතෑ........ ඇටයත් ඉතිං බෙගයිය ෆුල් සීරියස් පිට කියන කතාව අහන් උන්නෙ හිනාවෙවී....
අහවරයි.................................
ප.ලි- මේ කතන්දරේ බොරුවක් නං...... ඕනෑ ඇටලන්ඩ් වාසියෙක් රැන්ඩොගෙ නලල බැලුවට වරදක් නැතැයි ඇටයා වගකීමෙන් කියයි....... නලලෙ ලස්සනට කොටා ඇත........
රැන්ඩෝට පින්සිදු වන්නට ඇම්පහම රැන්ඩෝ බැලීමට ෆස්ට් ඒඩයට පැන්න බැවින්.... කඩුවේ කැපිලි වලින්ද බේරුනෙමු......... ඉස්තුති වේවා.........


