ඉර ගෙනාවෙ අපි ඉස්කෝලෙට......
දුවපැන්නේ වාගේ රන් හීනෙක....
ඒ හීනය නෑ ඇස්මානෙක........
ඇවිදින් ආයෙත් ඉස්කොලෙට.....
අපි රජකම් කළ තැන් දැක දැක....
වාවාගන්නේ කෝමද හිත.....
සුදු බිත්ති කුලුණු කොරිඩෝවල....
පුටු මේස බංකු කාමර වල.....
විහඟුන් සේ පියඹූ තැන්වල.....
ඉහිරී ගිය කාලය කැටිකළ....
එක කඳුළු බිංදුවක් ඇස් යට.....
ගිලිහෙන්නට ඉල්ලයි මහ පොළොවට......
සමනළයින් සාවුන් ගානට.....
අවිහිංසක සුරතල් පෑවට....
ගැටුණා සැනෙකින් දැඩිවී ඒ හිත....
සොහොයුරුකම් යළි දලුලා හිත....
අම්මා ගෙතු එක මල් මාලෙක....
අපි හිනාඋණේ දුර ඈතක.......
සුදු ඇඳරුව දෙන ඉස්කොලෙට....
අද සොයුරනි නොදැනෙන මේ දුක....
වැටහෙයි මේ බිම හැරදා ඔබ ගියදින....
පන දුන්නත් අද අපි ඉස්කෝලෙට.....
හැරයන්නට වෙනවා හෙට වන විට......
අපි කවුරුත් එක වාගෙයි ඉස්කෝලෙට.....
වාවාගන්නේ කෝමද හිත........................................