Friday, December 2, 2011

ඇටයා ප්‍රමුඛ කාඩ්බෝඩ් වීරයෝ...

ඇටයට නයෙක් ගහලා(%#^&$*)...නැත්නම් ඔහොම නයි අරියෑ...මේ ගෝතයා මුචලින්දටත් වඩා ලොකු නයෙක්නේ ගහල තියෙන්නේ...රැන්ඩොගේ නළල පැලුනේ ඌ පළතුරු ගහකින් වැටිලා...
මං මේ බ්ලොග් එක ලියන්න ආවේ කවමදාකවත් මුසාවක් ලියන්නේ නැහැ කියල තරයේ හිතාගෙන...
මේකේ වැඩ්ඩා වගේ ලියලා තිබ්බට ඕකට A/L maths පේපරේ දවසේ හෝ ගාලා බඩ ගියා...මට ඇති උනා උගේ ෆෝන් එකට ආන්සර් කරලම...
                                                     
                         "අමිත ඉන්නවද පුතේ???"
                         "අමිත කක්කා දානව ඇන්ටි..."

                        "පුතේ අමිත තාම කක්කා දානවද???"
                        "වතුර ගහන සද්දේ නම් ඇහුනා ඇනටි...."
                        "පුතේ අමිත කක්ක පැත්ත සේදුවද දන්නේ නැහැ නේද???"
                        "ඒක නම් දන්නේ නැහැ ඇන්ටි..."

මල පෙරේතයා විභාග ශාලාවම ගඳ ගැස්සුවා...ඒක නිසා මට maths පේපරේ ඇනුනා...මං ෆේල්...
අනික ඕකා හොටු කනවා...මං සර්ගේ ඇස් දෙක පල්ලා මං අනන්තවත් දැකලා තියේ ඕකා ගණන් හදන ගමන් නහය හාරල හොටු ගුලි අරන් දත් දෙකක් මැද්දට තියලා හපනවා...දත් දෙකෙන් පිට පැන්නම ආයෙත් දිවෙන් තල්ලු කරල කරලා දත් දෙකක් මැද්දට තියාගෙන හපනවා...
මං බලාගෙන ඉන්නේ කියලා තේරුනාම බොරුවට මං දිහෑ බලල කියනවා,
"බලාන් බෙගා...මේ ගාණ හැදෙන්නේ නැහැනේ"කියලා...
යකෝ ගණන් හැදෙන්නේ නෑ කියලා හොටු කාලා හරියනවද...
ඔන්න ඕකයි ඇටයගේ ඇත්ත තත්ත්වේ...
හොදට බැලුවොත් දත් දෙක අස්සේ තියෙන හොටු ගුලිය පෙනේවි...

තව මූ වාගේම ගොබිලයෙක් තමා දුෂ්‍යන්ත කියන්නේ...හෙන ටෝක්ස් දෙන්නේ...බෝල ගෙඩිය වගේ පන්තියේ එහාටයි මෙහාටයි රෝල් වෙන එක තමා උගේ රාජකාරිය...


මූ,
ළඟට එනවා...
පඩයක් අරිනවා...
මාරු වෙනවා...

දවසක් මු පන්තියේ චූ කරා...වාඩි වෙලා...
මෙන්න සාක්කි...
පෙනේද මූ "මං නන් නෙමේ" පාට් එක දාගෙන ඉන්න අපූරුව...

අනික් මන්දයා තමා ඌ පන්තියේ සුදුම එකා කියලා හිතාගෙන හිටපු සුදු දෙවින්... ඌව දන්න අය මගෙන් අහන්න එපා උගේ කොහෙද සුදු කියලා...
අපේ පන්තියේ උන්ට කාලෙන් කාලෙට එක එක සීන්...කාලයක් තිබ්බා පිටේ කොළ අලවන සීන් එක... තව කාලෙක පිට කොළේ අලවන සීන් එක...ඔන්න ඉතින් බෑග් උඩ එල්ලන සීසන් එකේ තමා මේ සිද්දිය උනේ...
පන්තියේ ඔක්කොම Lab ගිහිල්ලා...පීරියඩ් දෙක ඉවර වෙන්න තත්පර 40කට විතර කලින් මූ ආවා නිකන් සොනික් වගේ..මායා වලල්ල %කේ ගහගෙන...
(මමයි ලැම්බයි Lab එකට යන පාර දන්නේ නැති නිසා පන්තියේ දොයියගෙන හිටියේ...)
මමයි ලැම්බයි මූ ආපු සද්දෙට කුණු කෙළ පිහදාගෙන නැගිට්ටා...
       "මචං බෙගෝ,ලැම්බෝ...අපි කාගේ හරි බෑග් එකක් උඩ එල්ලමු..."
පින් අතේ වැඩක් නිසා අපි දෙන්නත් හාං කිව්වා...

දෙවින් එහෙට පැන්නා...
මෙහෙට පැන්නා...
බෑග් එකක් ගත්තා...
උඩ එල්ලුවා...
      "අපි දැන් හැන්ගෙමු..."

ලැම්බා මගේ කනට කරලා අහනවා, "මූ පව් නේද බං..." කියලා...
මාත් හ්ම්ම්ම් කියලා පන්තියෙන් මාරු උනා...අපේ අම්ම පවු නිසා...
ඔන්න දෙවින් එල්ලපු බෑග් එක...

මං සර් ඈතින් එනවා දැකලා මමයි ලැම්බයි පන්තියට ආවා...
අම්මට සිරි...
ලෝක පුදුමයක්....
බෑග් එක ගැන කාටවත් ගානක් නැහැ...

මං සර් පන්තියට එන්ටර් උනා...බෑග් එක තාම උඩ එල්ලෙනවා....
             "ළමාඊඊඊ...ගන්නවල බලන්න ප්‍රැක්ටිකල් පොත්..."
සින්..සින්..පොත් ටික මේස උඩට වැඩියා...

                  "ඒයීඊඊ...කලුවා...මොකෝ හිටගෙන...පස්ස පැත්තේ ගෙඩියක්ද???"

දෙවින්;
            "සර් මගේ බෑග් එක නැහැනේ..."




ප.ලි.
       තමන්ගෙම බෑග් වහලේ උඩ  එල්ලන උන් හිටියට අපේ පන්තිය තමා පට්ටම පන්තිය...මං දන්නවා grade එකේම හොඳම ප්‍රතිඵල තියෙන පන්තියක් තමා අපේ M5 පන්තිය...
උඹලා මාත්තෙක්ක තරහා නැති බව මං දන්නවා...උම්ම්ම්ම්ම්ම්ම්මාහ්...අපේ පන්තියට ජය වේවා!!!