ජීවිතේට වාහනයක් නවත්තන්නැති ඇට ඒරියා එකේ වාහනයක්.......
අප්පටසිරි..... ශක්‍රයාගෙ ඩ්‍රැයිවර් කොලුව මාතලී...හෙන කලබොලෙන්....... පොර හෙන ගේමක් දීල ඇඳුං සෙට් එකත් බස්සෝගෙන බැස්සා..... කඩ්ඩ කඩු ගාඩ් එක පිටින්ම ඇඹරිලා අහවල් ඒරියා එකට එන්ටර් වෙන්න ඔන්න මෙන්න තිබ්බෙ...... ඒකත් කරකවගෙන බැස්සට මොකෝ රෙද්ද හිරඋන්නැතෑ දොරේ..... සෙට්එක තත්පර දෙකෙන් ඇට මිදුලෙ....... අන්තිමට යටට ඇඳන් හිටපු ෂෝට පිටින්ම මූ ඇට රූම් එකට එන්ටර් උනා......
“.......මචං ඇටය කියන්නෙ උඹටද?..“ මූ මගේ අහපි......
“...... අඩේ ඇටේ...... වරෙන්කො බං මාත් එක්ක සක්ර බවනට යන්ඩ....... අන්න අරෙහෙ ලොක්ක හූ තියනව.....“ කියන පරක්කුව විතරයි මට සීන් එක රොතුබුරුටු පිටින්ම අප්ලෝඩ් උනා.......
මාත් දඬුමොනරෙට එන්ටර් උනේ ඇඳන් හිටපු ෂෝට පිටින්ම........ කෝකටත් කියල සීට් බෙල්ට් එකත් දාගත්ත....
සිං ගාල මං සක්‍ර විලා එකේ...... ලොක්ක විලාප තියතියා අඬනව...... පට්ට BBQ සුවඳයි.......
“..... අඩේ ඇටේ..... උඹ ආවද මයෙ දෙයිය......... අනේ බං අර එදා මං ඩිඩියගෙ ගෙදර ගිය සීන්එකෙන් පස්සෙ තාම සීට් එක එහෙමමයි බං..... හරිගස්සල දීපංකො බං.........“ මාත් ක්ලෝසප් එකක් දීල බැලුව.... අදාළ ප්‍රදේසෙම පදමට තිබ්බා.........
ඇට මොලේ බූට් කරල තත්පර දෙකෙන් ලොග් උනා..... බැලුව මොකෝ මේක තාම රස්නෙ කියල...... ඇට මොලේට වැටහෙන්න ගියේ තත්පර දෙකයි.....
එදා ඩිඩියගෙ ගෙදර ගිය සීන් එක ඩිඩිය ලොවටම බෙදුවනෙ... කස්ටිය ඒක කියවන කියවන ගානෙ හීටරේ ඔන් වෙනව..... ඒක ලොක්කගෙ මීටරේට වැටිල නෑ..... කොහෙද ඉතිං මූ තාමත් %කේ සිහියෙන්නෙ............
මං කතා කළා මාතලීට..... “මචං බැරිද බං සක්‍රවිලාව සෙට්එක පිටිංම අපේ ගේ උඩට තල්ලු කරන්න.......“ කියපු පමාවෙං මෙන්න පල්ලෙහා අපේ ගෙදර..... හප්පටසිරි ඇට නගා කාමරේට පැනල අවුස්සනව මේ ඇටය නැති අතරෙ..... දෙන්නං දොදොල් කියල මාත් ඉවගෙන හිටිය..........
ඇටයත් ලී ඉනිමග දාල බැස්ස වහලෙට.... සීලිමට රිංගල හොයාගත්ත පරන නෙට්වර්ක් කේබල් එකක්. පරන කිව්වට මොකෝ නගාගෙ කාමරේට යන එක.... මේ ඇටයගෙන් දඬුවම එවලෙම.........
එක කොනක් ගෙදර රවුටරේට ගැහුව..... අනිත් කොන උඩට විසි කලා සක්රෙට අල්ලගන්න. “සක්රේ.......... දිග ඇද්දෝ.........“ ම්හ්..... සද්දයක් නෑ...... පොරත් ආතල් එකේ පුටුවට වෙලා ඇති..... දෙන්නං දොඩං කියල මාත් ක්රෝම් ඕපන් කොරල දැම්ම බ්ලොග......
මෙන්න මිනිහ ආයෙත් හූ කියනව......... ඇති ඇටේ ඇතී.................. වරේ...........................ං................ ඒ අස්සෙ මූ කෑගහනව..........
මාත් දෙකට තුනට නැමිල ජම්ප් එකක් දුන්න ශක්‍ර බවනට(ඇටය කියන්නෙ නිකං යැ....) මාතලිත් මං කියපු විදියට කොම්පියුටරයක් ගෙනත් තිබ්බ “..... පෙන්ටියම් 2..... අලුත්ම එකක්........ ඇවිල්ල සතියක් නෑ.......“ මූ බස බස ගාල තව මොනවද කියවනව..... තොටත් ඕනෙද BBQ ? පොර සයිලන්ට්.......
ටක් ගාලා සක්‍ර පුටුවටම සෙට් කලා කොම්පියුටරේ.... පුටුවට සෙට් කළා මේඩ් ඉන් ඇටලන්ඩ් ගැජට් එකක්..... පුටුවට එන ඩේටා ඔක්කොම කොම්පියුටරේට..... අපේ ගෙදරින් ලොක්කට ඉන්ටනෙට්...... අපේ බ්ලොග් එක කියවන්න..... ලොක්කටත් දැන් සැප කනේ...... ආතල් එකේ ගල් බනිසක් කකා ඇටලන්තෙ නිවුස් ඇස් දෙකෙන්ම කියවනව.... ඉස්සර ඉතිං %කෙන්නෙ...... සක්‍රයට ෆුල් සැටිස්......
ඇටයටත් දුන්නැතෑ වර 3ක්...... ඇටයත් ඉතිං පුංචි ඇට මොලෙන් කල්පනා කොරල ඒව මතු යහපත සඳහා තියාගත්ත......
සක්‍රය ඇටයව එව්වෙ නිකං නෙවේ........ ගැජට් එකක් දුන්න මේඩ් ඉන් සක්‍රලන්ඩ්......... ගැජට් එකේ විස්තර මතුවට......
හෙට අනිද්ද ඉඳං ඇම් පහේ උන්ගෙ ජරමර ලියන්නත් එපැයි...... ඒ හන්ද සක්‍ර කතා මත්‍ර සම්බන්ධයි.......
ප.ලි. සක්‍රය තාමත් ඇට විලා එක උඩ...... උදව්වක්හෙම ඕනෙනං කියපල්ල..... ඇටය කොරල දෙන්නං........
මෙන්න මූ තමයි සක්‍රයා..... ඇම් පහට ආපු දවසක් ගත්ත එකක්..........

