හත්වලාමේ... සක්‍රයාට අසාධ්‍යයි... පස්ස පැත්ත BBQ වෙලා... මවිල් පිච්චෙන ගඳයි, දුමයි ඉවසන්න බෑ...
" ඇටේයීඊඊඊ...ඇටේඒඒඒ...ඇට්ඒඒඒයාආආ... " මූ විලාප තියනවා...
මං ටාර් ගාලා සක්‍රයාගේ සරම කඩලා බැලුවා... තුරුණුවන්ගේ පිහිටින් ඒ පැත්තට රස්නේ වැදිලා නැහැ... මවිලකටවත් හානියක් වෙලා නැහැ... මං ඌට සුභාරංචිය දුන්නා...
" මුකුත් වෙලා නෑ බං... "
" නෑහ්..නෑහ්..වෙලා බං...වෙලා... "
" මේන් බලහන්... " කියලා මං උගේ බෙල්ලෙන් අල්ලලා දෙකට නමලා ක්ලෝසප් එකක් දුන්නා...
" ඕක නෙමේ යකෝහ්...උඹලගේ ඇටයා... අර ගම්පහ හිවලා... "
අම්මට සිරි අපේ ඇටයාට මක් වෙලාද ??? මට හීන් දාඩිය දැම්මා...
මං ටක් ගාලා සක්‍රයාව වතුර බේසමක වාඩි කරලා හති බහින්න පවන් සලන්න ගත්තා...
" අපේ ඇටයාට මක් වෙලාද බං ??? " මගේ කට හඬත් වෙව්ලනවා...
" ඌට මොකුත් වෙලා නැහැ තලගොයෝ...
ආන්න ඌ උඹලට මඩ ගහන්න බ්ලොග් එකක් ලියන්න පටන් අරන්...
උඹට, ලැම්බට, හරියට, මගේ මස්සිනා විශ්වයට වදින්න යන මඩ තලි පෙනිලා මගේ පඬුපුල් ආසනේ රත් වෙච්ච රත් විල්ලට තමා මගේ පු% BBQ උනේ...
දැන් ඉතින් හොඳ හිතින් ගාහන් මගේ %කේ කෝමාරිකා... "
ප.ලි.
මං මුගේ %කේ කෝමාරිකා ගාලා, අර ඉස්මොල්ලෙ ගිහින් මගේ පෙනහැල්ලේ පිස්සු කෙලින හාල්මැස්සට දෙකක් ඇනලා එළියට දාලා ඊලඟ පෝස්ට් එක දාන්නම්...
මේන් මූ තමා ඇටයා...