ඔන්න ඉතිං මම ඒ කියන්නෙ ඇටය ඊයෙ උදේ පාන්දර දහයට විතර නැගිටල දහ අතේ කල්පනා කොර කොර හිටිය වස කම්මැලි කමේ. එතකොටම වාගෙ අපේ ඇම් පහ ගැන්සිය මතක් උණා. අපේ ගුත්තිල සෑර් ගෙ පේපර් එකක් අතට ඇරගෙන කියව කියව ඉන්නකොට මේ ඔක්කොම බ්ලොග් එකක දැම්මනං අපේ සුන්දර කාලය සයිබර් අවකාශයේ හැමදාම තියේවි කියල හිතුණ. දෙදාස් එකොලහේ එකොලොස්වෙනි මාසෙ එකොලොස් වෙනිද එකොලහ ළං වෙලා මං කොම්පියුටරේ දැම්මෙ මේ ඔක්කොම ඔබනව කියල හිතාගෙන..... ඇස් ඇල් ටී එකේ නෝනල මහත්තුරු මට ඒකට ඉඩ දුන්නෙ නෑ... ඒ ඔක්කොටම හරියන්න අද ඉඳල කියවන්න ඕං මං ටැලි ෙකාම් එකේ ඔක්කොටම පින් දිදී පටන් ගත්තු ඒ සුන්දර අතීත කතාව.......