Thursday, December 1, 2011

මගේ M5 පන්තිය...

අවුරුදු දෙකක්..බොහොම ඉක්මනින් ගෙවිල ගිය අවුරුදු දෙකක්...ලස්සනම ලස්සනයි...
ඇටයා,ලැම්බා,බනිස්,මස්සිනා,බඹරා,පාඩා,සුදු දෙවින්,නවරත්න උඹලා මතක් වෙද්දිත් හිනා යනවා බං...අනික් එව්වොත් එහෙම්මමයි...පොඩි පොඩි මත ගැටුම් තියෙන්න ඇති...අර ගම්පහ-කොළඹ අවුල වගේ...
ඒත් මං දන්න විදිහට හිතේ කුහකකම් තියාගෙන හිටපු එකෙක්වත් හිටියේ නැහැ...හිටියදත් කොහෙද...
මං දන්නව 2011 උසස් පෙළ ප්‍රතිඵල හොඳම පන්තිය වෙන්නේ අපේ පන්තිය...වාර විභාගේ ඉඳන් උසස් පෙළ වෙනකම් අපි කොපිත් කරා...උඹලය මතක ඇතිනේ කොපි කිරීම සඳහා මං නවීන තාක්ෂණය උපයෝගී කරගත්ත හැටි... MCQ එකේ ෆොටෝ එක Bluetooth හරහා බෙදා හැරලා, Facebook අප්ලෝඩ් කරල මං වැරැද්දක් කරේ...ඒත් ඉතින් උසස් පෙළ ලියද්දි වෙනදට වඩා හොඳට වැඩේ කොරගත්තු විත්තිය මං දන්න නිසා හිතට දුකක් නැහැ...Maths වලත් MCQ තිබ්බ නම් මට S3ක් ෂුවර්...මට විතරක් නෙමේ...


               මොන තරම් වැඩ්ඩන්ට උනත් උසස් පෙළ ලන් වෙද්දි පන්තියෙම සුලුදියත් පහ උනා...උඹලට නම් මතක නැතිව ඇති...ඒත් මට නම් අමතක නැහැ...දුෂ්‍යන්ත චූ පාර දාද්දිම තමා මං මේක ගත්තේ...







සිංදුවක් කියලා ආතල් එකක් ගත්තු වෙලාවක්....